Monday, December 13, 2010

* ජාවා හැදින්වීම...
Java Introduction


ජාවා යනු කම්පියුටර් ප්‍රෝගැමින් භාෂාවකි. මෙය මුලින්ම නිකුත් කරනු ලැබුවේ Sun Microsystems සමාගම විසිනි. ඒ 1995 වර්ෂයේදීය. මෙම ජාවා තාක්ෂණය උපයෝගී කරගෙන නොයෙකුත් සොෆ්ට්වෙයාර්ස් නිර්මාණය කල හැක. උදා:- පරිඝණක ක්‍රීඩා, බිස්නස් ඇප්ලිකේෂන්ස්, මොබයිල් ඇප්ලිකේෂන්ස්...  දැනට මෙම ජාවා තාක්ෂණය මිලියන 850 ට අධික පරිඝනක තුල ලෝකය පුරා භාවිතා කරයි. එපමණක් නොව බිලියනයකට ආසන්න ජංගම දුරකතන හා රූපවාහිනී ද, මෙම ජාවා තාක්ෂණය යොදාගෙන නිපැයූ ඇප්ලිකේෂන්ස් මගින් ක්‍රියාත්මක වේ. එමගින් අපට පෙනී යන්නේ ජාවා යනු අපගේ එදිනෙදා ජීවිතයේ බොහොමයක් වැඩකටයුතු පහසු කර ගැනීමට යොදා ගත හැකි පරිඝනක භාෂාවක් බවයි. මෙම බ්ලොග් අඩවිය මගින්  මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පාඩම් මාලා, ජාවා තාක්ෂනය ඉගෙනීමට ඇල්මක් දක්වන නවකයන්ට ප්‍රයෝජනවත් වනු ඇත.

No comments:

Post a Comment